තනතුරෙන් උසස් කළා, මට පොලිස් වීරතා පදක්කම ලැබුණා, මුදල් ත්‍යාගයක් ලැබුණා.නමුත් ඒ මට ලැබුණ සියලු දේට වැඩිය අද දවසේ ලැබුණ දේයි මට වටින්නේ.මේ තමයි මම ජීවිතයේ ලබපු ලොකුම කුසලානය, ලොකුම තෑග්ග හා ලොකුම සම්මානය.ගමේ අයගේ බලාපොරොත්තු දැක්කම මම හිතාගත්ත දේ තමයි මගෙන් චූටි හරි අඩුපාඩුවක් මෙතෙක් වුණා නම්, ඉදිරියට ඒ අඩුපාඩුව නිවැරදි කර ගන්න ඔ්න කියන දේ.රැකියාවෙදී මට කරන්න පුලුවන් උපරිම දේ මම කරන්න හිතා ගත්තා යැයි තම දිවි දෙවනි කොට සිදුවන්නට ගිය මහා මංකොල්ලයක් වික්‍රමාන්විතව වලක්වා ,අභීත ක්‍රියාවක් සිදු කළ උප පොලිස් පරීක්ෂක බුද්ධික කුමාර මහතා පැවසීය.
ඉකුත් මස 26 වැනිදා දහවල් තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයකුගේ අත තිබූ රුපියල් ලක්ෂ 223ක මුදලක් ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් එම බැංකුව ඉදිරිපිටදී මංකොල්ලකා පලායන්නට තැත් කළ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් බුද්ධික කුමාර නිලධාරියා එම මංකොල්ලය වැළැක්වීමට නිර්භීතව ක්‍රියා කරමින් රුපියල් ලක්ෂ 223ක මුදල කොල්ලකරුවන්ද සමඟින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේය.සැරයන් බුද්ධික කුමාර ඇගයීම වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම, පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක්ද එමෙන්ම කළ නිර්භීත ක්‍රියාව සහ ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමය ඉහළ නැංවීම සඳහා කළ මෙහෙය ඇගයීම වෙනුවෙන් පොලිස් වීරතා පදක්කමද බුද්ධික කුමාර මහතා වෙත පසුගියදා ප්රදානය කෙරිණි.
ඒ අනුව උප පොලිස් පරික්ෂක බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමෙන් පසු, තමන්ගේ උපන් ගම්මානයට ඊයේ (05දා) පස්වරුවේ පැමිණි අවස්ථාවේ මෙම පිළිගැනීමේ උත්සවය සිදු කෙරිණි. උප පොලිස් පරීක්ෂක බුද්ධික කුමාර මහතා රථ පෙළපාලියකින් එප්පාවල මැඩියාව මංසන්ධියේ සිට ගම්මානයේ සමිති ශාලාව දක්වා කැඳවාගෙන ගොස්, මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කිරීමෙන් අනතුරුව එහිදී උපහාරයන් හා තෑගී ප්රදානය කිරිමට ගම්වාසීන් කටයුතු කළහ.
එහිදී ගම්වාසීන් විසින් ඔහු කළ නිර්භීත ක්‍රියාව තම ගම්මානයට මහත් ආඩම්බරයක් බව පැවසීය.



