සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/= මුදලක් වංචාකිරීම සම්බන්ධව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් ආරම්භ කර තිබූ විමර්ශනයකට අදාළව සැකකරු ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද (15) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.