"LPL ගිවිසුම අපේ අමාත්‍යාංශයේ සම්පූර්ණ අනුමැතිය ඇතිව නෙමෙයි මෙතෙක් කල් තරඟ කරලා තියෙන්නේ. ළඟදි තිබූ තරගාවලිය ආයෝජකයකු විසින් සිදු කළ බැවින් කඩාකප්පල් කළ නොහැකි නිසා ඒ විදිහටම තරඟ කරන්න අවස්ථාව දුන්නා." යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසූයේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය අනුරාධපුර දිස්ත්‍රික්කයට හඳුන්වා දීමේ වැඩ සටහනකට එක්වෙමිනි.
"ලබන වසරෙ LPL තරඟ කරන්නට පෙර එම ගිවිසුම අලුත් විය යුතු අතර ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වීමේ දී අනිවාර්යයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය තිබිය යුතුයි. දැනට lpl සඳහා තිබෙන්නේ කණ්ඩායම් පහක් පමණයි. පළාතට එක බැගින් පළාත් නමයට කණ්ඩායම් 9ක් තිබිය යුතුයි .
මුලින්ම පළාතෙන් දක්ෂ ක්‍රීඩකයො දෙදෙනෙක්වත් බිහිවිය යුතුයි. සුජීව ගොඩලියද්ද මහත්තයාගේ ප්‍රකාශය අනුව මෙම පළාතෙන් දැනට ජාතික කණ්ඩායම සඳහ නියෝජන කරන්නේ කාන්තාවන් දෙදෙනෙකු පමණයි. දකුණෙ ළමයින්ට පුලුවන් නම්, ඒ පුහුණු වුණෙත් පුහුණුකරුවන්ගෙන් නම් බස්නාහිරට පුලුවන්නම්, ඇයි උතුරු මැදට බැරි ? ඇයි වයඹට බැරි ? මධ්‍යම පළාතෙන් දක්ෂ ක්‍රීඩකයො බිහි වුණානම් මෙහෙන් බැරි වෙන්න බෑනේ.
පුහුණු පහසුකම්, ක්‍රීඩා භාණ්ඩ නැත්නම් ඒවා දීලා එයාලට වගකීමක් තියෙනවා දක්ෂ ක්‍රීඩකයො බිහි කර ගන්න. එතකොට උනන්දුව ඇති වේවි. මොකද කණ්ඩායම පරාජය වෙන්න බෑනේ. කණ්ඩායම පරාජය නොවෙන්නනම් අවම වශයෙන් උතුරු මැද දරුවො තුන් දෙනෙක්වත් පුහුණු කරන්න ඕනි දක්ෂ ලෙස, සමහර විට එම දරුවො ගණන 10 වෙයි, 100 වෙයි 200 වෙයි. ඒ අයට විදේශයට ගිහින් හරි තරඟ කරන්න පුලුවන් වෙයි. ඒ නිසා වගකීම් විරහිතව නොවී උතුරු මැද පුහුණු කටයුතු දිගටම ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා."