එල් නිනෝව නිල වශයෙන් ඇරඹෙයි
ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවන ස්වාභාවික පැසිෆික් කාලගුණ රටාව වන එල් නිනෝ - නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකානු විද්‍යාඥයින් පවසති.
එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) නිවේදනය කර ඇත්තේ නිවර්තන පැසිෆික් කලාපයේ එල් නිනෝ තත්ත්වයන් දැන් ක්‍රියාත්මක වන බවත්, මෑත මාසවලදී මුහුදු මතුපිට උෂ්ණත්වය තියුනු ලෙස ඉහළ ගොස් ඇති බවත්ය.
බොහෝ අනාවැකි යෝජනා කරන්නේ මෙය "සුපිරි" එල් නිනෝවක් ලෙස අවසන් විය හැකි බවත්, මෙතෙක් වාර්තා වී ඇති ශක්තිමත්ම එකක් බවට ඒය පත්විය හැකි බවයි.
දශක ගණනාවක් තිස්සේ මිනිසා විසින් සිදුකරන ලද පරිසර විනාශයන් සමග 2027 වසර වාර්තා ගත උණුසුම් වසරක් විය හැකි බව ඔවුන් අනාවැකි පළ කරයි. මෙම වසර මුලදී ලා නිනා (සීතල) අවසන් වීමෙන් පසු, මෙම උණුසුම් අවධිය අපේක්ෂා කරයි.
මධ්‍යම සහ නිවර්තන පැසිෆික් කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සෙල්සිස් අංශක 0.5කින් ඉහළ යමෙන් පසුව
එල් නිනෝ සිදුවීමක් ලෙස සැලකෙන අතර මේ වන විටත් ඒම උෂ්ණත්ව සීමාව ඉක්මා ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

