එලවළු මිල යළිත් ඉහලට - රතු ළුණු කිලෝවක් රු 800යි
දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු ව්‍යාපාරිකයන් කියා සිටිති.
දිවයින පුරා පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල වු නිසා මේ දිනවල ඉල්ලුමට සරිලන සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි විම හමුවේ එලවළු මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.
එලවළු මිලට සමගාමිව දේශිය වෙලදපොලේ රතු ළුණු කිලෝවක් රු 800 දක්වා ඉහල ගොස් ඇත.
මේ අනුව කැරට් කිලෝවක් රු 350 , ගෝවා රු 280 , බෝංචි රු 450 , වම්බටු රු 350 , ලික්ස් රු 270 , දේශිය අර්තාපල් රු 350 , වට්ටක්කා රු 250 , මුරුංගා රු 240 , පතෝල රු 350 , වැටකොළු රු 320 , බිට්රුට් රු 250 , දඹල රු 300 , බණ්ඩක්කා රු 320 , අමු මිරිස් රු 400 , නයි මිරිස් රු 1000 , තත්කාලි රු 400 , මල්ගෝවා රු 650 , පොලොස් රු 120 , මඤ්ඤොක්කා රු 130 , බතල රු 180 , පිපිඤ්ඤා රු 150 සිල්ලර මිලකට අලෙවි කරයි.
තම වෙලදපොලේ දෛනික අලෙවිය සදහා එලවළු මිල දි ගැනිමට විශාල මුදලක් වැය වන බවත්, එම මුදලට සමගාමිව තමන්ට ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතාමත් අඩු බවයි එලවළු ව්‍යාපාරිකයන් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
