රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊ යේ (15දා) රාත්‍රී ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
63 හැවිරිදි මෙම සහාය ගුවන් නියමුවා 06/15 දින රාත්‍රී 10.00 ට පමණ ඔවුන් නැවතී සිටි කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයේ කානුවකට ඇද තිබේ .
පසුව කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් නියමුවා මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර , එහි සේවය කළ වෛද්‍යවරුන් මොහු පරීක්ෂා කර බලා , මොහු මිය ගොස් ඇති බවට සනාථ කර තිබේ .
මෙම සහාය ගුවන් නියමුවා 06/16 දින දහවල් 12.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේය. කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුරට විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.