ශ්රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඇති බැවින්, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නඩුව අද (14) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.
නඩුව යළි නොවැම්බර් 18 වැනිදා කැඳවීමට මහේස්ත්රාත්වරයා දින නියම කළේය. එදිනට නාමල් රාජපක්ෂ බන්ධනාගාරගතව සිටින්නේ නම්, ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කළේය. මෙම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර සිටියි.