එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් අපවිත්‍රවූ වෙරළ පිරිසිදු කිරීමට රු. කෝටි 9 ක් වැය වෙලා
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (23) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මුහුදුබත්වූ එම නෞකාවේ බහාලුම්වලින් නිකුත්වන ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත්කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදුකිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතැයි ද ඇය පැවසුවාය.
සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් ගිණි ගෙන මුහුදුබත් වූයේ පසුගිය වසරේ ජුනි මස 02 වැනිදාය.
ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මීගමුව කළපුව ආශ්‍රීත ප්‍රදේශයට, මීගමුව වෙරළ තීරයට සහ පමුණුගම සක්කු කන්ද වෙරළ කලාපයටය.
මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍ය ක්‍රියාවලි පීඨයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
popular news
-
Kumar Tuesday, 23 August 2022 03:56 PM
mama sithwe dollar koati 9k kiyala. koati 9k kiyanne dollar laksh thunakatath adu prmaanayak neda. oya kunu naawa amerikawe gilunaanam naav kompaniyath bunkaloth wenawa. pagaawa deela aduwen karaganna nisa wenna athi lankawa langa gilluwe.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

