ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැයේ සඳහන් බොහෝ කාරණා පසුගිය වර ඔහු ඉදිරිපත් කළ අයවැයේද ඇතුළත්ව තිබූ බවත් ඒ අනුව ඇතැම් කරුණු ක්රියාත්මක වී නොමැති බව පෙනෙන්නට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
" එකම කාරණය නැවත නැවත ඉදිරිපත් කරනවා කියන්නේ එම කරුණ ප්රා යෝගිකව බිම් මට්ටමේ ඉටුවෙලාද නැත්ද කියන කරුණ තියෙනවා. මෙවර අයවැයත් එවනි ප්රකාශනයකට පමණක් සීමා වෙන අයවැයක්ද කියලා අපි බලාගෙන ඉන්නවා.
මේ රටේ ජනතාවාදී තීන්දු තීරණවලට අපි සහාය දෙනවා. අපේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එතුමා ඇවිත් ඉන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවේ මුදල් ඇමති විදිහටයි. සුරංගනා කථා කිව්වට වැඩක් නෑ."