එතනෝල් නිෂ්පාදනය ඇතුළු කාර්මික කටයුතු සහ සත්ව ආහාර සදහා භාවිත කරන සහල් ප්රමාණය පිළිබද නිවරදි හෝ තහවුරුකළ යුතු දත්ත පද්ධතියක් නොමැති බව රජයේ මුදල් පිළිබද කාරක සභා රැස්විමේ දි අනාවරණය වි ඇත.
මෙම දත්ත නොමැතිවිම හේතුවෙන් සහල් සැපයුම හා ඉල්ලුම තක්සේරු කිරිම අසම්පුර්ණව පවතින බවත් එය ආනයන තිරණවල නිවරදිභාවයට බලපා හැකි බවද මුදල් කාරක සභා රැස්විමේ දි අනාවරණය වි ඇත.
මිනිස් පාරිභෝජනයට, මෙන්ම සත්ව ආහාර, කාර්මික කටයුතු සදහා භාවිත කරන සහල් ප්රමාණය පිළිබද තහවුරු කළ සතිපතා දත්තවාර්තා කිරිමේ යාන්ත්රණයක් කෘෂිකර්ම දෙපාර්මේන්තුව සහ වෙළදඅමාත්යංශය එක්ව පිහිටුවිය යුතු බවට මුදල් කාරක සභාව විසින්තින්දුකොට ඇත. මේතුලින් සහල් ආනයන අවශ්යතා පිළිබද නිවරදි තක්සේරුවක් සහතික කිරිමට හැකිවනු ඇති බවද මුදල් කාරක සභාව තින්දුකොට ඇත.