මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.
මේ අනුව එතනෝල් ආනයනය සඳහා විවිධ සමාගම් වලට බලපත්ර නිකුත් කිරීමේ ක්රමවේදය, එම එක් එක් සමාගම් පිළිබඳ තොරතුරු, සමාගම් ආනයනය කරන එතනෝල් ප්රමාණ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු ප්රධානීන්ට නිර්දේශ කර ඇත.
එමෙන්ම මත්පැන් නිෂ්පාදනය හැරුණු විට ඖෂධ ඇතුලු වෙනත් නිෂ්පාදන සඳහා එතනෝල් ආනයනය කර ඇති ප්රමාණ සහ එතනෝල් එකී නිෂ්පාදන සඳහා පමණක් භාවිතා කරන්නේද යන්න පිළිබඳවද අවධානය යොමු කරන ලෙස කෝපා කමිටුව උපදෙස්දී තිබේ.