එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ( Volker Turk ) මහතා සිව් දින නිල සංචාරයක් සදහා 06/23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස තවත් එක් අයෙකු ද පැමිණ සිටියේය. වසර 09 කට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු මෙරටට පැමිණීම විශේෂත්වයකි.
ඔවුන් 06/23 දින පස්වරු 05.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.
