එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ලබන සතියේ රුසියානු සහ යුක්රේන නායකයන් හමුවීමට නියමිතය.
ඒ අනුව අඟහරුවාදා දිනයේදි ගුටරෙස් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට බලාපොරොත්තු වෙයි. ඉන් අනතුරුව ඔහු මොස්කව්හිදී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා හමුවීමට නියමිතය.
ඉන් අනතුරුව ඔහු බ්‍රහස්පතින්දා දිනයේදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමහතා සහ විදේශ අමාත්‍ය කුලේබා කියෙව් නුවරදී හමුවීමට නියමිතය.
රුසියා - යුක්රේන ගැටුම සමථයකට පත් කිරීම සඳහා වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාට මෑතකදී බලපෑම් එල්ල විය.
රුසියාව සහ යුක්රේනය යන දෙකම එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයින් වේ.