එජාප සියලූ දෙනා ගොරක කාපු රිලවු වගේ - මහින්ද යාපා
වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබදව ජනතාව අවධානයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
මාතරදි අද පැවති මාධ්‍ය සාකච්ජාවේදි ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත්අදහස් පළකල මන්ති‍්‍රවරයා ,
‘‘ ඊයේ ජනාධිපතිතුමා රට වෙනුවෙන් කළ ඒ නිර්භිත ප්‍රකාශයට අපේ ගෞරවය හිමිවෙනවා. එතුමා සත්‍යය කතා කරා,රටේ වෙච්ච දේවල් ගැන, වෙන්න පුළුවන් දේ ගැන එතුමා කතා කරා. ඒ හැම වචනයක්ම එජාප සියලූ දෙනා ගොරක කාපු රිලවු වගේ අහගෙන හිටියා. කතා කරන්න ඒ අයට වචන නැහැ, කට අරින්න බැහැ, ඒ නිසා ඒ හැසිරිම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
පසුගිය වසර තුනහාමාරට මේ රටට කරපු විනාශය වචන වලින් රුපියල් වලින් කියලා ඉවර කරන්න බැරි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. අද මේ අලූත් ආණ්ඩුව දිහා රටේ ජනතාව උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මොකද බොහොම භයානකයි.
‘‘ ඒ වගේම අද වෙද්දි අපට ආරංචි වෙනවා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ එජාප චින්තනයේ ඉන්න කිහිපදෙනෙක් එජාපය එක්ක එකතු වෙනවා කියලා, අපි ඒ ගැන කනගාටු වෙන්නෙ නැහැ.ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි එතුමන්ලගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා ඇතුලට ගිහින් මේ ආණ්ඩුව රට විකුණන්න, රට දෙකඩ කරන්න ගෙනෙන යෝජනා වලට ඒ වෙලාවෙදි විරුද්ධව නැගි සිටින්න ශක්තිය ලැබෙයි කියලා ’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.
මාතර- මහේෂ් මලවරආරච්චි

popular news
-
Nandana Monday, 17 December 2018 09:47 PM
කව්ද බොලේ මේ ඇලිස් ?
Reply : 0 0
Don Tuesday, 18 December 2018 07:37 AM
ගොරක කාපු රිළවට රිලව් කවුද කියලවත් අඳුරගන්න බැරිවෙලා තවත් කතා කරනවා.
Reply : 0 0
chandana Tuesday, 18 December 2018 09:37 AM
බුද්දිමත පය ගහන්නේ නෙති තෙන මෝඩයා පිනුම් ගහනවා ප්රජාතන්ත්රවාදය හා නිදහස වෙනුවෙන් ගොරක නෙමේ ගින්දර උනත් කන්න ඉවසීමක් අද එක්සත් ජාතික පක්ෂයට තියනවා හෙබෙඉ විවස්තව රකින බවට දිව්රලා අපු ඔහෙලා දින 51 ක කුමන්ත්‍රණේ පරදවෙලා ගෙදර ගියේ අසුචිකාපු උරෝ වගේ රටම ගදගහගෙන විවස්තව කඩලා එක අදිකරණය තුලත් තහවුරුවෙලා තියද්දි අනේ අනේ තවත් කටේ නරිවාදන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
