එක්සත් ජාතික පක්ෂයේ විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව ආණ්ඩුවක් පිහිටවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙවර අයවැයට පක්ෂ වීමෙන් සිදු වන්නේ ඔලුවෙන් සිට ගැනීමක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
පොදුජන පෙරමුණ බලයට පැමිණීමට පෙර වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ආණ්ඩුව විකුණනු ලැබූ මෙරට සම්පත් නැවත පවරා ගන්නා බවට ප්‍රකාශ කළ බවත්, කෙසේ වෙතත් එම විකිණීමේ වැඩපිළිවෙල ප්‍රතිපත්තියක් ලෙස අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන බවත් අද (15දා) පාර්ලිමේන්තුවේ පැවති 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
දැන් ඉතා පැහැදිලිව ටෙලිකොම් එක සහ රක්ෂණ සංස්ථාව විකුණන්න නම් කරලා තිබෙන්නේ කිසිදු තර්කයක් නැතිව මේ අර්බුදය පියවා ගන්න. මේක රනිල් වික්‍රමසිංහගේ යූ.එන්.පී ප්‍රතිපත්තියනේ. ඔබතුමන්ලේ මේකටනේ විරුද්ධ වුණේ. රනිල්ගේ යූ.එන්.පී ප්‍රතිපත්තිය වැරදියි කියලනේ පොදුජන පෙරමුණ ඊට එරෙහිව ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවේ විකුණපු දේවලුත් පවරා ගන්නවා කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විහාරමාහාදේවී උද්‍යානයේදී කිව්වේ ගන්න නම් එපා කවුරුත් මේ විකුණන ඒවා. ගත්තොත් අපි බලයට ආව ගමන් නැවත පවරා ගන්නවා කියලා කිව්වා. දැන් මොකක්ද මේ කරන්නේ? ඔලුවෙන් හිට ගැනීමක්නේ සිදු කරන්නේ. කෙලින්ම දැන් විකුණන්න ප්රතිපත්තීමය තීන්දුවක් ගන්නවා. දැන් විකුණන්න එකඟයි කියලා අත උස්සනවානේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් දැන් අත උස්සන්න වෙනවානේ.