එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලධාරීන්ගේ තනතුරු වෙනස් කිරීම සඳහා උපදේශක කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
අමාත්‍යවරුන් 11 දෙනෙකුගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 යුතුව මෙම කමිටුව පත්කර තිබේ. එක්සත් ජතික පක්ෂයේ තීන්දු තීරණ මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (07දා) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
එසේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉක්මනින්ම වෙනස් නොකිරීමට මෙහිදී තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සඳහා මීට පෙරද කමිටුවක් පත්කළේය.