එජාපය හා සජබය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැගිය යුතුයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. නවීන් දිසානායක මහතා (15) දින ඒ බැව් කියා සිටියේ නුවරඑලියේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා කායි සිටියේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තියන එකමුතුකම නායකතුමා සහ ප්‍රේමදාස මහත්මයා කථා කරලා තියනවා. මං හිතන්නේ ඊළග පියවරට අපිට යන්න පුළුවන්. ඇත්ත වශයෙන් හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. UNP එකතු වෙලා SJBත් එක්ක මේ රටේ ප්‍රධාන පෙලේ විපක්ෂයක් හදන එක තමයි අවශයම දේ. ඉන්න කට්ටිය කැඩෙන එක නෙවෙයි. මං හිතන්නේ ඒක කරන්න දැන්අපිට මූලික පදනමක් තියනවා.
CWC කොහොමත් එන්නේ SJB, UNP අපිත් එකක් තමයි. ඒ ගොල්ලන් වෙනම යන්න බලාපොරොත්තුවක් නෑ. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න එහෙම්මමයි. ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න කිසිම දියුණුවක් වෙලා නෑ. ඉතින් විශේෂයෙන්ම ආණ්ඩුව රු.700කින් වැඩි කරලා තියනවා දෛනික වැටුප. නමුත් ඒක සරිලනවා මදි ඇත්ත වශයෙන්ම තමාගේ එදිනෙදා බඩු මිලත් එක්ක ඒක හොදටම මදි.
ඉතින් අපේ කාලේ අපි කිව්වේ, නිෂ්පාදන ධාරිතාවය අනුව මේක වැඩි කරන්න අවශ්‍යයි කියලා. අපි ඒකට සූත්‍රයක් හැදුවා. වැවිලි කර්මන්ත ඇමති හැටියට අපි ඒ ගැන සාකච්ඡා කලා. අපි බලයේ හිටියා නම්, අපි මීට වඩා සහනයක් වතුකරයේ දමිළ ජනතාවට ලබා දෙනවා. විශේෂයෙන්ම සමාගම් එක්ක සාකච්ඡා කරලා එක තැනකට අපි එන්න පදනම දාලා තිබ්බේ. දැන් මේ ආණ්ඩුව එහෙම කිසිම දෙයක් කරලා නෑ.
අනිත් එක තමයි ආණ්ඩුවේ මුදල් වලින් රු.මිලියන7ක් වියදම් කරනවා හැම අවුරුද්දේම. ඉතින් අපි හිතන්නේ බදු ගෙවන ජනතාවගේ මුදල් විශේයෙන් පඩි ගෙවීමට මේක ඉතාමත් වැරදි පූර්වාදර්ශයක්. ඒක මං හිත්න්නේ අපි අලුතින් හිතන්න අවශ්‍යයි. එක දිගටම මේ මිලියන 7 වෙන් කරන්න බෑ හැම අවුරුද්දේම.
අල්ලස් සහ දුෂණ සම්බන්ධයෙන් අපි ඇත්ත වශයෙන්ම ආණ්ඩුව නියම විදිහටම හරියාකාරව, නීත්‍යානුකූලව, කිසිම දේශපාන වෛරයකින් තොරව ඒ වැඩපිලිවෙළ කරනවා නම් ඒ පිලිබද කිසිම ගැටළුවක් නැ. අපිටත් ඕන හොරු ටිකයි, දූෂිතයෝ ටිකයි අල්ලලා ඇතුලට දාන්න. එක්සත් ජාතික පක්ෂය අපි පැහැදිලිව ඉන්නේ ඒ මතේ.
විශේෂයෙන්ම අපිට පේනවා, නිරන්තර දේශපාලන හිරිහැරයක්, තමන්ගේ දේශපාලන හතුරන් ටික ඇතුලට දා ගැනිමේ උත්සහයක්, එහෙමයි මට පේන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම නීතිය ඉදිරියේ හරියට අපි ස්වාධීනත්වය, තිබෙන නීති පද්ධතියේ ආණ්ඩුකාරවරුන්, නීති පද්ධතියට විශාල ගරු කිරිමක් තියනවා. නීති පද්ධතිය අනුව වැඩකටයුතු කරනවා නම් අපිට කිසිම ගැටළුවක් නෑ.
බන්ධනාගාර කේස් එක ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ, ආණ්ඩුවේ නොහැකියාව පැහැදිලිව ඔප්පු කරන එක. මොකද මේ දැන් අපිට සාක්ෂි ලැබිලා තියනවා, වාර්ථාවලත් එළියට එනවා, ඒ තමයි වැලිකඩ බන්ධනාගාරයේ වෙනම ටීම් එකක් ගිහින් තමයි ප්රශ්නය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටීම් එක යැවීමට ප්‍රධාන හේතුව මොකක්ද? කියන එක තමයි.
අනිත් එක සාමාන්‍යෙයන් එහෙම යවන්නේ නෑ. තව බන්ධනාගාරෙකින් වෙනත් බන්ධනාගාරයකට යවන්නේ නැ ටීම්ස්. ඔතන ඒ ගත්තු තිරණය හරි වැරදියි. නොසැලකිලිමත් තීරණයක් විදිහට තමයි මම ඒක දකින්නේ. ඒකට සම්පූර්ණයෙන්ම අධිකරණ ඇමතිතුමා වගකීම භාර ගන්න ඕන. නැත්නම් ජීවිත 31කට වග කියන්නේ කවුද? අන්තිමට ඒ දේශපාලන නායකයින් අධිකරණ ඇමතිතුමා ඇතුලුව, අධිකරණ ලේකම්තුමිය ඇතුලුව සියලු දෙනා මේකට වග කියන්න අවශ්‍යයි. යනුවෙන් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

