එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා නායකත්වය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවල පූර්ණකාලීනව යෙදෙන ලෙස එම පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් දී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ රට වැටී තිබෙන උග්‍ර අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමන් සම්පූර්ණ කාලයම යොදවා ඇති බැවින් පක්ෂයේ දේශපාලන කටයුතුද ඉදිරියට පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම පෙන්වා දෙමිනි.
අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස් අනුව එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා ඉදිරියේදී පක්ෂයේ සියලුම දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවැති හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.
