එජාපයත් පාතාලයත් අතර සබඳතාවක් තිබෙනවා
එක්සත් ජාතික පක්ෂයත් පාතාලයත් අතර සමීප සබඳතාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් කටයුතු කළ කාලයේදී අඩුව තිබූ පාතාල කටයුතු රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ලෙස පත්වීමත් සමග සක්‍රීය වී ඇති බව අද පෙරවරුවේ ඔහු කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එසේම වර්තමානය වන විට මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගෙත්, මහින්ද රාජපක්ෂ මහතාගේ හා ඇතැම්විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිත අර්බුදයක ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඊයේ (27දා) උදෑසන වන විට වෙඩි තබා මනුෂ්‍ය ඝාතන 54 ක් සිදුව ඇති බවත් ඊයේ රාත්‍රියේ පුවත් විකාශයේදී හඳුනානොගත් මල සිරුරු හයක් සොයාගෙන ඇති බවට විකාශය කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
Don Friday, 28 December 2018 07:10 PM
මේ කියන එක්කෙනාගේ ලොක්කගේ කාලේ තමයි කුඩු ලංකාවට ගෙනාවේ පිටරටවල බැංකු ගිණුම්වල බිලියන ගණන් දාගත්තෙත් ඒ කාලයේ තමයි. UNP නොවේ
Reply : 0 10
rocky Saturday, 29 December 2018 05:39 AM
අනේ මගේ කට! පාතාලයෝ පුහුණු කෙරුවෙත් තවම උන්ව පෝෂණය කරන්නෙත් තමුස්ලම නොවේද? පර්ලිමෙන්තෙවේ මිරිස්කුඩු ගහන්නෙත් උන්ගෙන් එකෙක් වගෙයි. ඕකලගේ නම් ලැයිස්තුව හොයාලා බැලුවොත් පෙනේවි, පාතාලයන්ගේ වැඩ ගත්තේ කවුද කියන එක! මුල තියෙන්නේ මැදමුලන!
Reply : 0 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
