එජාප ප්රා.සභා මන්ත්රීනි දුලක්ෂිගේ පියා නීතිවිරෝධි මත්පැන් සමග අත්අඩංගුවට
වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ මන්ත්රිනී දුලක්ෂි ප්රනාන්දු මෙනවියගේ පියා නීතිවිරෝධි මත්පැන් තොගයක් යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටියදි වෙන්නප්පුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව සිරිගම්පල පදිංචි වර්ණකුලසුරිය අශෝක සමන් කුමාර නැමති 48 හැවිරිදි අයෙකු බව පැවසේ.
අදාළ සැකකරු යතුරුපැදියකින් නීතිවිරෝධි ලෙස මත්පැන් බෝතල් 30ක් පමණ රැගෙන යමින් සිටියදි පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබු බව පැවසේ.
අදාළ සැකකරු මෙයට පෙරද නීතිවිරෝධි කසිප්පු ඡාවාරම සම්බන්ධයෙන් වරදකරුවකු වු අයකු බව පැවසේ.
අදාළ සැකකරු පසුගිය වසරේ දි පොලිස් රථවාහන නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරිම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ දුලක්ෂී ප්රනාන්දු නැමති අයගේ පියා බව පොලීසිය පවසයි.
අදාළ මන්ත්රිවරිය හා ඇගේ සොහොයුරිය මෙසේ අදාළ රථවාහන පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධව බන්ධනාගාර ගත කර තිබුනී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

