එජාපයට බැරි වූ දේ ජනපති කළා
එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පොලිස් විෂය භාරව කටයුතු කළ වසර කිහිපය තුළ සිදුකිරීමට නොහැකි වූ දේවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකින් සිදුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ඔවුන් මේ බව පැවසූයේ අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ජනාධිපතිවරයා පොලිස් විෂය භාර අමාත්‍යවරයා ලෙස පොලීසියට නායකත්වය ලබාදුන්දා සිට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකෙරෙන බවත්, ඔහු පොලීසියට නිසි ලෙස නායකත්වය ලබාදෙමින් අදාළ කටයුතු සිදුකළද, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම හේතුවෙන් එය සිදුවන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සඳහන් කරන බවත් නිදහස් පක්ෂය මෙහිදී පවසා සිටියේය.

popular news
-
ගමගේ Wednesday, 27 February 2019 05:32 AM
ඔක්කොම හුටන්ලා එකට හිටන් හටන්කොරා නම් මෙයට වඩා හිපිප් හුරෙයි දන්නට තිබ්බ ... කාගේත් වැඩට වඩා බයිලා කතාව තමයි.... මදුෂ් ඇල්ලුවෙත් මේ උන්නැහේල කියල කියනව ඇහුනා ...
Reply : 0 2
lion Wednesday, 27 February 2019 05:40 AM
එතකොට අර රත්ගම business කරපු ජෝඩුව policiyen ගෙනිහිල්ල පුච්චලා මැරුවේ කගේකලේද මහත්තයෝ
Reply : 0 1
Champa Wednesday, 27 February 2019 01:47 PM
ලංකාවේ මිනිස්සුන්ට අං ඇවිල්ල නැහැ තවම මේ කතාව විශ්වාස කරන්න. අවුරුදු 4ක් තිස්සේ අල්ලපු නැති කුඩු, සතියෙන් අල්ල්ලන්ව. හතර වෙනි හෝ පස් වෙනි පාරටත් ලංකාවේ ලොකුම කුඩු තොගේ අල්ලනවා. තිබුනේ කාර් පාර්ක් එකකලු. එක සතියෙන් මෙහෙම් කුඩු අල්ලන්න එක්කෝ මේ කුඩු තියෙන තැන වේලාසන පොලිසිය දැනන් ඉන්න ඕනේ. නැත්නම් මේ කුඩු ජනාධිපතිම දෙන්න ඕනේ. එකම කුඩු එක තැන එක තැන්වල කැරකෙනවා. අල්ලපු කුඩු ආගිය අතක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

