එක රටක් එක නීතියක් වාර්තාව කඩිනමින් ජනපතිට
එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොවන බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
ඒ අනුව එක රටක් එක නීතියක් සඳහා වන නිර්දේශ සකස් කර අවසන් බවත්, කඩිනමින් එම වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමට කටයුතු කරන බවත් 'අද' කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ සඳහන් කළහ.
මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය ජනාධිපතිවරයා විසින් 2021 ඔක්තෝම්බර් 26වැනිදා ස්ථාපිත කළ අතර, මෙම වසරේ පෙබරවාරි 28වැනිදා මෙහි කාලය මාස 03න් දීර්ඝ කිරීමට කටයුතු කළේය.
ඒ අනුව එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය එළඹෙන 28වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.
popular news
-
Gamini Hewa Saturday, 28 May 2022 04:16 PM
බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබේ.එසේ තිබියදීත් ඉස්ලාම් බහු විවාහ නීති,අඩු වයස් විවාහ නීති,ෂරියා බැංකු නීතිය මගින් ඉස්ලාම් අයට පමණක් අඩු පොලියට බැංකු ණය ලබාදීම ආදිය රටේ පවත්වාගෙන යෑම බහුතර බෞද්ධයා සමච්චලයට ලක්කිරීමකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

