එක පාරටම රු. බිලියන 9ක් ඕන නෑ
පළාත් පාලන මැතිවරණය කුමන හෝ ආකාරයකින් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය ඒකාධිපතිවාදයට ඇතවැනීමක් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
එමෙන්ම මැතිවරණ කල් දැමීම හෝ මැතිවරණ නොපැවැත්වීමට කටයුතු කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ එකමුතුවට ජනතාව තුළ තිබෙන අප්‍රසාදය දිනෙන් දින වැඩි වීමක් පමණක් සිදු වන බව ඊයේ(22දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අපි බලාපොරොත්තු වෙනවා රජය තවදුරටත් උප්පරවැට්ටි නොදා මැතිවරණය යොදාගෙන තිබෙන පරිදි මාර්තුතු09වැනිදා පවත්වයි කියලා. අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් තිබෙනවා. ඡන්ද කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෝ කියලා තිබෙනවා ඡන්දය බලාපොරොත්තු වන විදියට ක්‍රියාත්මක කරන්න ඡන්ද කොමසාරිස්ට කිසිදු ගැටළුවක් නෑ, ඔවුන් ඒ දේ කරගෙන ඉදිරියට යනවා කියලා.
රජය පාර්ශවයෙන් කියනවා ඡන්දය කරන්න සල්ලි නෑ, ඒ නිසා මේ ඡන්දයට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් තිබෙනවා කියලා. සල්ලි නෑ කියලා මැතිවරණයක් කල් දාන්න, එහෙම නැතිනම් නවත්වන්න උත්සහ කරනවා නම් ඒක අපි දකින්නේ ඒකාධිපතිවාදයට අත වනනවා වගේ.
රට බංකොලොත් කළ කණ්ඩායම එළවන්න තමයි මේ ඡන්දය තියෙන්නේ. ඒ නිසා රට බංකොලොත් කරපු හාදයන්ට ඇවිත් කියන්න බෑ අපි ඔබලාගේ රට බංකොලොත් කළා, ඔබලාට ඡන්දයක් දෙන්න අපිට සල්ලි නෑ කියලා. ඡන්දය දෙන්න ඕනී ඒ හේතුව නිසාම තමයි. ඡන්දය කල් දැම්මොත් ඒ ඡන්දය කල් දාන දවසක් ගානේ රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ එකමුතුවට තිබෙන අප්‍රසාදය වැඩි වෙන එක විතරයි වෙන්නේ.
ජනාධිපතිතුමා කිසිසේත්ම මේ ඡන්දය තියන්න ඕනී කියන තැන නැහැ. රජයත් මේ ඡන්දය තියන්න ඕනී කියන තැන නැහැ. පාර්ලිමේන්තුවේ ඡන්ද වියදම් පිළිබඳව තිබුණු පනතේදී ආණ්ඩුව පැත්තෙන් කතා කළ සියලුම දෙනා කිව්වේ මේ ඡන්දය තියන්න එපා කියන එක. මේ මැතිවරණයට විමර්ජන පනතින් මුදල් වෙන් කරලා තිබෙනවා. අනිත් එක එකපාරටම මේ මුදල් ගෙවන්නේ නෑ.
රුපියල් බිලියන 8-9ත් අතර ප්‍රමාණයක් යයි කියලා තමයි කියන්නේ. මම දැක්කා ඡන්ද කොමසාරිස් කාර්යාලයේ නිලධාරී මහත්මයෙක් කියලා තියෙනවා 2020 පැවැත්වුණු මැතිවරණයට ගෙවීම් කරලා ඉවර වුණේ 2021 දෙසැම්බර් කියලා. කවුරු හරි කියනවා නම් එක පාරටම රුපියල් බිලියන 9ක් වියදම් කරන්න ඕනී කියලා, ඒක පට්ටපල් බොරුවක්. එහෙම නෑ.
popular news
-
Lal Silva Monday, 23 January 2023 07:59 AM
මුදල් තිබුණත් මැතිවරණ කල් දැමීමෙ අවශ්‍යතාවය? ජනයාට දැනට පවතින ආණ්ඩුව අප්‍රියයි! රට ගොඩ දැමීමට ඇති එකම ක්‍රමය මැද පන්තියේ සහනාධාර කැපීම! දැන් ආණ්ඩුව අප්රියවීමට ප්‍රධාන හේතුවක් සහනාධාර කැපීම! චන්ද දිනින්න සහනාධාර පොරොන්දු වෙන්න ඕන! එතකොට දිනකින් අයට සහනාධාර කපන්න බෑ! එබැවින් චන්දයත් රට ආපස්සට යවනවා!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

