ආර්ථික, සාමාජියී හා දේශපාලන අභියෝග ජය ගැනීම වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන් එකා මෙන් අත්වැල් බැඳගත යුතු කාලය පැමිණ ඇතැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
"ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකා මෙන් අත්වැල් බැඳ ගත යුතු කාලය මෙයයි. වාර්ගික සහ ආගමික අසමගිය කරා ඔබව තල්ලු කිරීමේ කඩාකප්පල්කාරී උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. මධ්‍යස්ථභාවය, ඉවසීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ."