ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රු. 5,908 ක මුදලක් ප්‍රමාණවත් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.
2022 වසරේ ජනවාරි මාසය සඳහා දිස්ත්‍රික්ක අනුව නිල දරිද්‍රතා සීමා ප්‍රකාශයට පත් කරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. 2021 ජනවාරි මාසයේදී එම අගය රුපියල් 5770ක් විය.
දිස්ත්‍රික්ක අනුව සලකා බැලීමේදී පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීමට වැඩිම වැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්රික්කයේය එම අගය රුපියල් 6414කි. දුප්පත් නොවීම වෙනුවෙන් අඩුම වැයක් දැරීමට සිදුව ඇති දිස්ත්‍රික්කය වන්නේ මොණරාගල දිස්ත්රිකක්කයයි එම අගය රුපියල් 5563කි.
මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඒ ඒ දිස්ත්‍රික්ක අනුව වැය කළ යුතු අවම අගයන් (රුපියල්)
කොළඹ - 6414, ගම්පහ - 6218, කලුතර - 6187, නුවර - 6121, මාතලේ - 6011, නුවර එළිය - 6284, ගාල්ල - 5834, මාතර - 5646 , හම්බන්තොට -5667 , යාපනය - 5775 , මන්නාරම - 5901, වව්නියාව - 5789, මුලතිව් - 5733, කිලිනොච්චි - 5670 , මඩකලපුව - 6018, අම්පාර - 5908, ත්‍රිකුණාමලය - 5852, කුරුණෑගල - 5821, පුත්තලම - 5767, අනුරාධපුර -5703, පොලොන්නරුව - 5929, බදුල්ල - 5589, මොණරාගල 5563, රත්තපුර -5860, කෑගල්ල - 6145