එක්ස්ප්‍රස් පර්ල් ව්‍යවසනය - වන්දි ගන්න හෙට සිංගප්පුරුවේදි නඩු
2021 වසරේ සිදුවූ එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු මහාධිකරණයට නඩු පවරන බව නීතිපති සංජේ රාජරත්නම් මහතා පැවසුවේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
යාත්‍රාවේ ලියාපදිංචි හිමිකරු, ක්‍රියාකරු සහ කළමනාකරුවන් ඇතුළු අනාගත නඩු විභාගයේ විත්තිකරුවන්ට ව්‍යාපාරික පැවැත්මක් ඇති බැවින් X-ප්‍රෙස් පර්ල් ව්‍යසනයට අදාළ හිමිකම් ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිංගප්පූරුව සුදුසු සංසදය බව නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කර තිබුණ බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
නෞකාවෙන් සාගරයට එක්වූ ප්ලාස්ටික් බෝල හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට දිගු කාලීනව හානි සිදුව තිබේ.
කෙසේ වෙතත්, සිංගප්පූරුවේ නීතිමය ක්‍රියාමාර්ගයක් ගොනු කිරීමට ගත් තීරණය මතභේදයට තුඩු දී ඇති අතර, ඇතැම් නීති විශාරදයින් සහ රාජ්‍ය ආයතන පවසන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම සමුද්‍ර ව්‍යසනය සම්බන්ධයෙන් බලධාරීන්ට තම නඩුව ඔප්පු කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණ ව්‍යුහය වඩාත් හිතකර වනු ඇති බවයි.
සිංගප්පූරුවේ ධජය සහිත බහාලුම් යාත්‍රාව 2021 මැයි 20 වන දින කොළඹට ඔබ්බෙන් ගිනි ගන්නා විට බහාලුම් 1488 ක් රැගෙන යමින් සිටියේය. නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, තෙල් ටොන් 348 ක් සහ කුඩා ප්ලාස්ටික් බෝල බිලියන 75 ක් එම නෞකාව තුළ ඇතුළත් විය.
popular news
-
S.A.B.Subasinghe Sunday, 23 April 2023 11:33 AM
කිසිම අවශතාවක් නැති දෙයකි අධිවෙිගී මාර්ග පද්ධතිය.... භූමි කම්පාවක් සිදුවු දිනක සාමාන්ය්ය ගමනාගමනයටද මෙය අවහිරයක් වනු ඇත.... කල යුතු බෙහෝ වැඩ තිබියදී විකාර නටන රජයන් ගැන කනගාටුව ඵල කරමි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

