එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට වුණු හානියට වන්දි ලැබීමට තිබු ඇමරිකානු ඩොලර් බිලියන 7ක මුදල ඩොලර් බිලියන 3ක් දක්වා අඩු වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
ස්ථාවර නියෝග 27/2 යටතේ අද (30දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එමෙන්ම මෙම වන්දි මුදල ඩොලර් වලින් ලැබීමට තිබුණද එම මුදල රුපියල් වලින් ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟත්වය පළ කර තිබෙන බවත්, එය කණගාටුදායක තත්ත්වයක් බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර මෙම නෞකාවෙන් සිදුවූ හානිය අපරාධයක් බවත්, ඒ අනුව කඩිනමින් ඊට අදාලව නඩු පැවරීමට කටයුතු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සඳහන් කරන බවත් රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය