එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම නොවැම්බර් 09 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින නියම කළේය.
මෙම නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික විනාශය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදුකරන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාවට වන්දි වශයෙන් රුපියල් බිලියන 7,77 ක් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එම පෙත්සම ගොනුකර තිබුණි.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එහි සභාපති වරයා, එහි හාබර් මාස්ටර්වරයා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුළු 20 දෙනෙකු නම්කර තිබේ.