පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‘එක්ස්ප්රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දින දෙකකදී පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඒ අනුව අද (10දා) සහ හෙට (11දා) යන දෙදින පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා විපක්ෂය ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව එම දෙදින විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
තවද සිකුරාදා (12දා) පැවැත්වීමට නියමිත සුභසාධක ප්රතිලාභ පනත යටතේ අංක 2328/13 දරන ගැසට් පත්රයේ පළකර ඇති ‘%අස්වැසුම’ නව සුභසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්රමය පිළිබඳ විවාදය එදින පෙ.ව. 9.30 සිට ප.ව. 7.30 දක්වා පැවැත්වීමටද මෙහිදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය.
දිනේෂ් සමරකෝන්