මහනුවර හල්ඔළුව සීමා මාලය අසළින් හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ දිය නෑම සඳහා මහවැලි ගඟට බසින ලද තරුණයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගසාගෙන ගොස් ඇතුරුදන් වී ඇති අතර එම තරුණයා මහනුවර ගිනි නිවීම් ඒකයය, පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සමත්විය.
මෙම තරුණයින් දෙදෙනා අද (19දා) පස්වරු 3.00 ට පමණ දිය නෑම සඳහා ගල් පර්වත වලින් ගහන හක්කිඳ දූපත් සමූහය ආසන්නයට ගොස් ඇත. ගඟ මැදට ගිය අවස්ථාවේ මහවැලි ගඟේ ජල පහර හදිසියේම වැඩිවීම නිසා එක් තරුණයෙකු දියේ ගසාගෙන ගොස් ඇත.
අනෙක් තරුණයා ගඟ මැද ගලක් මත පැය තුනකට ආසන්න කාලයක් රැඳී සිටියදී අවට පිරිස සිද්ධිය පොලීසියට දැනුම් දී තිබේ.
ක්ෂණිකව ක්රියාත්මක වූ පොලීසිය,ගිනි නිවීම් ඒකකය හා යුද හමුදාව කිමිඳුම් කරුවන් පිරිසකගේ සහය ලබා ගනිමින් කඹ ආධාරයෙන් අදාළ තරුණයා බේරා ගැනීමට සමත්ව ඇත.




