මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදී, 'එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය' (OPR) දැනට පවතින
8.75%ක මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
දේශීය හා ගෝලීය වශයෙන් වෙනස් වෙමින් පවතින තත්ත්වයන් සහ ඉදිරි අපේක්ෂාවන් පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මණ්ඩලය මෙම තීරණයට එළැඹුණ බව මහ බැංකුව නිවේදනය කරයි.
මැද පෙරදිග කලාපයේ නැවත මතුව ඇති උණුසුම් තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළඳපොළ තුළ භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන්ම ඛනිජ තෙල් මිල, ඉහළ යාමක් සිදුවී ඇති බවත් මෙම තත්ත්වයන් ගෝලීය ආර්ථික අපේක්ෂාවන් දුර්වල කිරීමට ඉඩ ඇති අතර, විවිධ මාර්ග ඔස්සේ දේශීය ආර්ථිකයට ද එහි බලපෑම් ඇති විය හැකියැයි මහ බැංකුව පවසයි.