මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදී, 'එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය' (OPR) දැනට පවතින 8.75%ක
මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.දේශීය හා ගෝලීය වශයෙන් වෙනස් වෙමින් පවතින තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳව ඉතා සැලකිලිමත්ව සලකා බැලීමෙන් අනතුරුව මණ්ඩලය මෙම තීරණයට එළැඹුණ බව මහ බැංකුව නිවේදනය කරයි.
2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ ක්‍රියාශීලී මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ පියවරයන්ගේ බලපෑම් මෙන්ම, දැනටමත් විශාල වශයෙන් ක්‍රියාත්මක වී ඇති අනෙකුත් පියවරයන් පිළිබඳවද මණ්ඩලය විශේෂ අවධානයක් යොමු කළ බවත් මධ්‍යම පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින භූ-දේශපාලනික ආතතීන් හේතුවෙන් මතු වන අවිනිශ්චිතතාව සහ 'එල් නිනෝ' (El Niño) තත්ත්වයන්ගෙන් ආර්ථිකයට ඇති විය හැකි අවදානම් පිළිබඳවද මණ්ඩලය මෙහිදී සැලකිල්ලට ගත් බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.