එක්සත් ජාතික පක්ෂයට එරෙහිව විරෝධතාවක් මාර්තු 2 - රංජිත්
එක්සත් ජාතික පක්ෂ ප්රමුඛ ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත විරෝධතා ජන රැළියක් මහනුවරදී මාර්තු මස දෙවැනි දින පස්වරුවේ පවත්වන්න තීරණයක් ගත් බව ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ටී රංජිත් ද සොයිසා මහතා පැවසීය.
අද (25) අද පුවත්පතට විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා ,
වර්තමාන එක්සත් ජාතික පක්ෂ රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂ නායක මහින්ද ජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විපක්ෂය විසින් සංවිධානය කෙරෙන දැවැන්ත වූ විරෝධතා රැළි මාලාවේ තවත් දැවැන්ත ජන රැළියක් මාර්තු දෙවන දින මහනුවරදී සිදු කිරිමට සියලු කටයුතු මේ වන විට සංවිධානය කරලා තියෙනවා.
ඒ අනුව මීට සමගාමීව දිවයින පුරාම මේ ආකාරයේ ප්රධාන නගර මුල් කරගනිමින් විරෝධතා ජන රැළි පවත්වන්න කටයුතු යොදලා තියෙනවා.
මෙම විරෝධතා රැළි වල අරමුණ තමයි කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස රජයට බල කිරිමත් ,මැතිවරණයක් වහාම පවත්වන්න ලෙස රජයට බල කිරීමත්ය.
එමෙන්ම ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙස හා උද්ධමන පීඩනයට එරෙහිව මෙම විරෝධතා පවත්වන බව මන්ත්රීවරයා වැඩිදුරටත් පැවසීය .

popular news
-
Champa Tuesday, 26 February 2019 01:29 PM
විධායක අහෝසි කරන්න රනිල් එක්ක එකඟ වෙලා දැන් රනිල්ට විරුද්ධව රට පුරා රැලි තියනවා කියන්නේ පට්ට බොරුවක්. තවත් තියෙනව. ඒවා වහල අහිංසක මිනිස්සු රවට්ටන්න හදනවා.
Reply : 0 0
Champa Tuesday, 26 February 2019 05:11 PM
විධායකය අහෝසි කරන්න මහින්ද deal එකක් දාල තියෙනව රනිල් මෛත්රී එක්ක. ඒකේ එක කොටසක් වෙන්න පුළුවන් පළාත් සභා චන්ද පැවැත්වීම. ප්රධානම කොන්දේසිය මෛත්රී පාර්ලිමේන්තු ගෙන ඒම සහ රනිල් දිගටම දේශපාලනයේ තබා ගැනීම. ඒවාට ඉඩ ලැබෙනවා නම් මහින්දට අගමති කම දෙන්නට එකඟ වීම. Deal එක වහන්න ඕනේ නිසා දැන් ගහෙන් ගෙඩි එන්න වගේ යූඑන්පී විරෝධී රැස්වීම් තියනව. පළාත් සභා මැතිවරණය ඉල්ලනවා. එතකොට මේ ගොල්ලෝ හිතනවා මිනිස්සු හිතයි කියලා පළාත් සභා හම්බ වුනේ deal එක නිසා නෙමෙයි කරන උද්ඝෝෂණ නිසා කියලා. මිනිස්සුන්ව නම් දැන් තම්බන්න අමාරුයි. තමන්ගේ නායකයා කරත් ප්රතිපත්ති ගරුක ජනතාව නායකයා කරන හැම දේම පිළිගන්න ලැස්ති නැහැ ඊට එරෙහි වෙනවා කියලා දැන් දෙපාරක්ම ඔප්පු කරලා තියෙනව. පලවෙනි පාර 2015 ජනවාරි 8. දෙවෙනි පාර 2018 ඔක්තෝබර් 26. මෛත්රී මහින්දව අගැමති කරහම දෙන්නම හිතන්න ඇති මිනිස්සු රතික්ඥ පත්තු කරලා රබන් ගහල මල් වෙඩි ගහල මෛත්රීව ඉඹල සෙල්ෆි ගහල කිරිබත් උයල ලංකාව මඟුල් සැණකෙළි වෙස් ගනියි කියලා. නමුත් මිනිස්සු මල ගෙදරක වගේ නිශ්ශබ්ද වුනා. පාඩම් ඉගෙන ගෙන නැහැ තවම. විමල් ඔයා එහෙම යන්න එපා මිනිස්සුන්ව රවටන මේ රැස්වීම වලට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

