එකලස් කරනලද 1000CC යතුරුපැදි 6ක් අල්ලයි
කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි ඇන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත කරන ලද මෙම යතුරු පැදි ළඟ තබා ගෙන සිටි බව කියන හේනේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සහ 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් මෙලෙස එකලස් කොට ඇති යතුරු පැදි මෙරට සාමාන්‍ය ජනතාවට පරිහරණය කිරීමට අවසර නොමැති ඇන්ජින් ධාරිතාවය 1000 ප්‍රමාණයේ ඒවා බවත් පොලීසිය පවසයි.
මෙම යතුරු පැදි අතර බී.එම්.ඩබ්ලිව් වර්ගයේ තුනක් සහ ඩුකාටි වර්ගයේ තුනක් වන බවත් මින් යතුරු පැදි පහක් එක් පුද්ගලයෙකු සතුව සහ එක් යතුරු පැදියක් අනෙක් පුද්ගලයා සතුවත් තිබී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
ගම්පහ තිලකරත්න දිසානායක

popular news
-
mangala Thursday, 22 December 2022 11:39 AM
ඔය යල් පැන ගිය නීති වෙනස් කරලා යාවත්කාලීන වෙන්න. ඉරිසියාව අතහරින්න.
Reply : 0 0
Kumar Thursday, 22 December 2022 04:19 PM
amerikawenam oyawani deyak ath adanguwata gath awasthwaladi baladharin dosarayak yoda hari nawatha pawichiyata ganna bariwenna vinasha karadamanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

