ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ එකම පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් ගමන් ගත් ත්රීරෝද රථයක් ඊයේ රාත්රී 11.00 ට පමණ වටවල ප්රදේශයේදී අඩි පනහක් පමණ ප්රපාතයකට පෙරළි අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්රී රෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයස දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇති අතර අනතුරෙන් මව සහ කුඩා දරුවන් දෙදෙනා සුළු තුවාල ලබා වටවල ප්රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා .
වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්රී රෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව ත්රී රෝද රථය පෙරළී ගිය බව රියදුරු පවසනවා.
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය