තණමල්විල මාර්ගයේ නුුුගේයාය ප්රදේශයේදි 04 දින රාත්රි 9.30ටපමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිගොස් දරුවෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
අනතුරින් වැල්ලවායේ පදිංචි පොලිස් සැරයන්වරයෙකු හා ඔහුගේ බිරිද හා පියා මිගොස් තිබෙන අතර දරුවා තුවාල ලබා සිටියදි වැල්ලවාය රෝහලට ඇතුලත් කර තිබේ.
මියගිය අය හා තුවා ලැබු දරුවා ත්රිවිලර් රථයකින් ගමන් කරමින් සිටියදි අධික වේගයෙන් ධාවනය වු කැබ් රථයක ගැටී අනතුර සිදුව තිබෙන බව පොලිසිය කියයි.
අනතුරින් පසු පුදේශවාසීන් අල්ලාගත් අනතුර සිදු කළ කැබ් රථයේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර සිටි බව පොලිසිය කියයි.
කැබ් රථයේ ගමන් කළ තවත් කිහිපදෙනෙකු ප්රදේශයෙන් ඵලාගොස් තිබේ.
මියගිය එකම පවුලේ තිදෙනා සහ තුවා ලබා සිටින දරුවා වැල්ලවාය රෝහලට ඇතුලත් කර තිබේ.
වැල්ලවාය බාර සහකාර පොලිස් අධිකාරි චන්දන ජයතිලක මහතාගේ උපදෙස් මත වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වති.
ප්රසන්න පද්මසිරි