කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පස්වරු 4.45ට රඹුක්කන බලා ධාවනය වන සිඝ්රගාමි දුම්රිය අද පස්වරුවේ කොළඹ කොටුවේදී පිලී පැනීමට ලක්ව තිබේ. මේ හේතුවෙන් දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකා දෙකක් අවහිර වී තිබේ.
මෙම දුම්රිය වේදිකාව වෙත ළඟා වීමට පැමිණීයේදී සවස 04.35 ට පමණ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත. මෙම අනතුරින් දුම්රියේ එක් මැදිරියක රෝද දෙකක් පීලිවලින් ඉවතට පැන තිබේ.
මීට පෙර පසුගිය 7 වෙනිදා ද මෙම දුම්රියම මේ අයුරින්ම පීලි පැනීමකට ලක්විය. එදිනද දුම්රිය පැමිණියේ ප්රමාදයකින් යුක්තවය.