ලංගම බස්රථ දෙකක් අද (12දා) අළුයම එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොල්ගහවෙල පොලීසිය පවසයි.
කොළඹ කුරුණෑගල ප්රධාන මාර්ගයේ හොදැල්ල ප්රදේශයෙදී අද අළුයම 04:45 ට පමණ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයට පිටුපසින් පැමිණි ලංගම බස්රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදු වි ඇත.
මෙම අනතුරේන් පිටුපස බස් රථයේ රියදුරු හා කොන්දොස්තර වරයා ඇතුළු බස් රථ දෙකෙහි ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම තුවාලකරුවන් ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට වෙත යවා තිබේ.
පිටුපසින් පැමිණි බස් රථයේ රියැදුරුගේ අධික වේගය හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම බස් රථ දෙකම අනුරාධපුර ලංගම ඩිපෝවට අයත් බස්රථ බව පොලිසිය පවසන අතර අනතුර සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.
අලව්ව අධිකාරි මුදියන්සේ

