"එකමුතුවී කම්මුතු කරමු "මැයෙන් නිදහස් ජනතා සන්ධානයේ බදුල්ල දිස්ත්රික්කයෙන් පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින් බදුල්ල නගරයේ වෙළේකඩේ ප්රදේශයේදි 26දින උදේ පැයක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරතවිය.
පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් රටේ පවතින බඩුමිල ඇතුලු ජනතාව පීඩාවට පත්කරන සියලුම ක්රියාවන් හෙළාදකිමින් මෙම උද්ඝෝෂණය පැවැත්විය.
මෙම අස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන ජී,එල් පීරිස්,ඩලස් අලහප්පෙරුම,තිලංග සුමතිපාල,ඩිලාන් පෙරේරා ඇතුලු පිරිසක් සහභාගි විය.
බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ඩිලාන් පෙරේරා ඇතුලු පිරිසක් උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.
ලුණුගල ප්රසන්න පත්මසිරි



