මේ වන විට දිවයින ආශ්‍රිතව පැවැති අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර දිවයිනේ කාලගුණය කෙරෙහි එ ම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර නොවැම්බර් 22 දින පමණ වන විට ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බවද ඒම දෙපාර්තමේන්තුව පවසයි.
පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු
වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධිවර හා නාවික ප්‍රජාවන් හා උතුරු, නැගෙනහිර පළාත්වල වෙසෙන මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි හා නිවේදන ඳපිළිබව අවධානයෙන් පසුවන ලෙසද එ ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.