ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය සහ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Royal College of Physicians) තීරණය කිරීම කොළඹ විශ්ව විද්‍යාලයයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයද නිල වශයෙන් පිළිගෙන තිබේ.
ලිපියක් නිකුත් කරමින් කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය සඳහන් කරනුයේ විදේශ පුහුණුවීම් හීදි ලබා දෙන දීමනා පිරිනැමීමේදී යම් යම් ප්‍රමාදයන් සිදුවන බවත් මේ හේතුවෙන් විවිධ දුශ්කරතා පැන නැගී ඇති බවයි. එසේම වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියමිත වේලාවට ගෙවීම් සඳහා අවසර ලබා දීම් සහ සැකසීම් කටයුතු සිදුකල නමුත් එම ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීමේදී යම් ප්‍රමාදයක් ඇති වීම මෙයට තත්ත්වයට හේතුවූබවද ඔවුන් සිය ලිපියෙහි සඳහන් කර සිටියි.
එමෙන්ම කොළඹ පශ්තාත් වෛද්‍ය විද්‍යායතනය එංගලන්තයේ රාජකීය වෛද්‍ය විද්‍යායතනය සමග මෙම අත්හිටුවීම පිලිබඳ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද ඔවුන් සඳහන් කරයි.
ඉදිරි කාලයේදි මෙම ප්‍රමාදයන් අවම කර ගැනීමට මෙන්ම මෙම ගැටළුව සඳහා ඉක්මනින් විසඳුමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්ව කටයුතු කිරීමට සූදානම් වන හෙයින් එතෙක් මෙම දුශ්කරතා ඉවසාගෙන සිටින ලෙසත් කොලඹ පශ්චාත් වෛද්‍ය විද්‍යායතනය සිය අභ්‍යාසලාභීන්ට ලිපියක් මගින් දැනුම්දී තිබේ.
