කූඨ ලෙස සකස් කළ වීසා බලපත්රයක් භාවිතා කර එක්සත් රාජධානිය වෙත පැන යාමට තැත් කළ ශ්රී ලාංකික තරුණයෙකු 10/20 දින කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු යාපනය , පේදුරුතුඩුව ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. ඔහු 10/20 දින උදෑසන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් දෝහා වෙත ගොස් , එතැන් සිට එක්සත් රාජධානිය වෙත පැන යාමට සූදානමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඉන්පසුව ඔහු සතු වීසා බලපත්රය ඇතුළු අනෙකුත් ලියකියවිලි සිය නිශ්කාශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් වෙත භාර දී තිබේ .
මෙම වීසා බලපත්රය පිළිබඳව ඇති වූ සැකය මත මොහු ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබූ අතර , එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම වීසා බලපත්රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වී තිබේ .
ඉන් අනතුරුව මෙම තරුණයා අත් අඩංගුවට ගෙන ඇති අතර , ඒ සදහා ප්රධාන ආගමන විගමන නිලධාරීන් වන වයි.එස්.ඩී.යාපා සහ ඩී.එස්.මුදළිගේ යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී ජේ.ඒ.
ඩී.එස්.රණසිංහ මහතා කටයුතු කර තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගත් තරුණයා ආගමන විගමන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .