එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
එංගලන්තයේ පාසල් දිවා ආහාර වේල තුළ දැවැන්ත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබේ. එංගලන්තය පවසන්නේ දශකයකට අධික කාලයක් තුළ සිදු කෙරෙන විශාලතම ප්‍රතිසංස්කරණය ලෙස මෙම වෙනස හදුන්වාදිය හැකි බවයි.
මෙම පියවර යටතේ, නැවුම් පලතුරු සහ එළවළු භාවිතය ඉහළ නංවන අතර ගැඹුරු තෙලේ බැදපු ආහාර තහනම් කෙරේ.
නව පාසල් ආහාර ප්රමිතීන් යටතේ තන්තු සහ සම්පූර්ණ ධාන්‍ය ප්‍රමාණය වැඩි කෙරෙන අතර, ප්‍රථම වරට 'උදෑසන ආහාර වැඩසටහන්' සඳහා ද පෝෂණ නීති රීති අනුගමනය කිරීමට සිදුවනු ඇත.
මෙම වෙනස්කම් 2027 සිට ක්‍රියාත්මක වන අතර ඒ සඳහා පාසල් වෙත දැනටමත් වෙන් කර ඇති අරමුදල් යොදා ගැනෙන බව
රජය පැවසීය.
නව ක්‍රමවේදයේ කොටසක් ලෙස, කේක් වැනි පැණිරස අතුරුපස සාමාන්‍ය දිවා ආහාර වේලට ඇතුළත් කිරීම සීමා කෙරෙන
අතර, ඒ අනුව ද්විතීයික පාසල්වල සතියකට දෙවරක් සහ ප්‍රාථමික පාසල්වල සතියකට වරක් පමණක් ඒවා ලබා දිය යුතුය.
එසේම, එම අතුරුපස සමඟ පලතුරු කොටසක් ද අනිවාර්යයෙන්ම ලබා දිය යුතුය.
හැම් , සොසේජස් සහ චිකන් නගට්ස් වැනි සැකසූ මස් වර්ග ලබා දීම සතියකට වරක් දක්වා සීමා කර ඇති අතර, ඒවා සමඟ
අනිවාර්යයෙන්ම එළවළු හෝ පලතුරු ද ලබා දිය යුතුය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

