එංගලන්තයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
- 11 07 2020
- 09:16
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11) උදෑසන ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම පිරිස අතර එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි සහ එරට විවිධ වෘත්තීන් හි නියැලී සිටි ශ්‍රී ලාංකිකයන් ද සිටියි.
මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට 7/11 දින උදෑසන 8.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
