එංගලන්තයේ වැඩමුවකට ගිය පොලීසියේ 4ක් ආපසු ඇවිත් නෑ
ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 වැන සංවත්සර සැමරීමේ වැඩමුළුවකට සහභාගීවීම සඳහා එංගලන්තයේ නොටින්හැම්ෂයර් ප්‍රාන්තයේ ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශාඛාවට ගිය පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි පොලීසිය පවසයි.
එසේම මෙම වැඩමුළුව සඳහා උප පොලිස් පරීක්ෂකවරයෙක්ද එක්ව තිබේ. උප පොලිස් පරීක්ෂකවරයා මාස 6ක විදේශ නිවාඩු ලබා පිටව ගොස් ඇති අතර අනෙක් නිලධාරීන් සිව්දෙනා පසුගිය මස 25 දා සිට පසුගිය 03 දා තෙක් පුද්ගලික විදේශ නිවාඩු දින 10ක් ලබා පිටව ගොස් තිබේ.
එම නිලධාරීන් සිව්දෙනා පසුගිය 04 දා රාජකාරී සඳහා වාර්තා කළ යුතු වුවත් එසේ වාර්තා නොකිරීම පිළිබඳව සොයා බැලීමේදී ඔවුන් නැවත දිවයිනට පැමිණ නොමැති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව ඔවුන් සිව්දෙනා වෙත පසුගිය 04දා සිට සේවය අතහැර යාමේ නියෝග නිකුත් කිරීමට පොලිස් ක්‍රිඩා කොට්ඨසයේ සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
