ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය කියයි.
පසුගිය කාලයේ ඌව පළත් සභාවේ මැති ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් මෙම වාහන භාවිතා කිරම නිසා වාහන නඩත්තුවට සහ ඉන්ධන සදහා විශාල මහජන මුදලක් වැයවී තිබෙන නිසා අතිගුරු ජනපතිතුමන්ගේ උපදෙස් පරිධි රාජ්‍ය ආයතන පරිහරණය කරන අති සුඛෝපභෝගි වාහන වැඩි මුදලට විකිණිමට කටයුතු කර තිබේ.
ඌව පළාත් සභාවට දැරිය නොහැකි අධික වියදමක් යන සියලුම වාහන විකිණිමට කටයුතු කරමින් මෙම වාහන සදහා ලංසු කැදවා තිබේන අතර අගෝස්තු 25 දින උදේ 10.30ට ඉහළම මිළ ගණන් ලබාදී තිබෙන ගැනුම්කරුවන්ට වාහන විකිණිමට කටයුතු කර තිබේ.
වාහනයක් මිලදි ගැනීමට බලාපොරොත්තු වන ඔනෑම අයෙකුට වැඩ කරන දිනවලදි පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලයට පැමිණ ආපසු නොගෙවන රුපියල් 3000ක, මුදල ගෙවා ලදු පතක් ලබාගෙන පළාත් සභාවේ තිබෙන වාහන පරික්ෂා කර බලා වාහනය මිලදි ගන්නා මුදල ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදි තිබේ.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි


