ඌව පළාතේ අපරාධ මැඩලීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ඌව පළාත් නව අපරාධ කොට්ඨාසය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කරන ලදී. පරණ පොලිසිය, මහියංගනය පාර, බදුල් දරණ ස්ථානයේ මෙම ඒකකය පිහිටුවා තිබේ. ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ඒකකය ක්‍රියාත්මක වෙයි.


