ඌව ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය සහ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීමේ අරමුණෙන් ගෘහස්ථ ගම් කුකුළ් පාලනය ව්‍යාප්ත කිරීම සඳහා බොරලන්ද රජයේ පශු සම්පත් ගොවි පොළේ ඉඳිකරන ලද කුකුළු අභිජනන මධ්‍යස්ථානය සහ බිත්තර රක්වනාගාරය විවෘත කිරීම (04) වෙනිදා සිදුකෙරිණි.
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 200 කි. මෙම මධ්‍යස්ථානයෙන් වාර්ෂිකව කුකුළ් පැටවුන් ලක්ෂ දෙකක් බිහිකර ඌව පළාතේ ගොවියන්ට බෙදාදීමට නියමිතය.
ඉදිරියේදී නිෂ්පාදන වැඩිදියුණු කර දිවයින පුරා ගොවීන්ට කුකුළ් පැටවුන් ලබාදීමටද සැලසුම් කර ඇත.
මධ්‍යස්ථානය විවෘතකිරීමේ අවස්ථාවට සේමාවුල් පදනමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක,ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර,වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න,ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ,ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උපාලි ජයසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු සහභාගී වූහ.
මොණරාගල සුමනසිරි ගුණතිලක


