උසස් පෙළ විභාගය 27,28, හා 29 නොපැවැත්වේ
- 26 11 2024
- 19:17
- {{hitsCtrl.values.hits}} views
- ..
අයහපත් කාළගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය ඉදිරි දින තුනේ තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව හෙට( 27) , 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගයට නියමිත විෂයන් එම දිනවල නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසයි.
නැවතත් 30 දා විභාගය ආරම්භ කර එදින සිට දැනට ඇති කාලසටහනට අනුව සාමාන්‍ය පරිදි විභාගය පවත්වන බවත් විභාගය නොපවත්වන 27,28,සහ 29 දිනවලට අදාළ විෂයන් දෙසැම්බර් 21 ,22 සහ 23 දිනවල පවත්වන අතර ඒ සඳහා නියමිත සංශෝධිත කාල සටහන ඉදිරියේදී නිකුත් කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
