මෙවර උසස් පෙළ විභාගය, ලබන ජනවාරි මස 04වැනිදා සිට 31වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව සඳහන් කරයි.
උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඊයේ (22දා) විභාගයට ගැනුණු අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්රභා වී ඇති අතර, SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස් කරගෙන තිබේ.